නෙළුම් කුළුණේ යකා නැටූ නාවික හමුදා ලුතිනන් කමාන්ඩවරයෙකු අත්අඩංගුවට

නෙළුම් කුළුණේ යකා නැටූ නාවික හමුදා ලුතිනන් කමාන්ඩවරයෙකු අත්අඩංගුවට

කොළඹ නෙළුම් කුළුණ පරිශ්‍රයේ පැවති සංගීත ප්‍රසංගයක් නැරඹීමට පැමිණි පුද්ගලයින් පිරිසකට සහ පොලිස් නිලධාරීයෙකුට පහරදී රාජකාරියට ද බාධා කළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩවරයෙකු අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය පවසයි.

පොලිස් කොස්තාපල්වරයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයට අනුක්තව රාජකාරි කරන්නෙක් බව පොලිසිය කියයි.

පුද්ගලයකු බීමතින් කලහකාරී ලෙස හැසිරෙන බවට ලද තොරතුරක් අනුව නෙළුම් කුළුණ පරිශ්‍රය අසල නාගරික රථවාහන කොට්ඨාසයට අනුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට සූදානම් වීමේදී ඔහුට බැන වැදී සාපරාදි බලහත්කාරය පා තිබූ බව පොලිසිය පවසයි.

අනතුරුව ඒ ආසන්නයේ රාජකාරියේ යෙදී සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පිරිසක් සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකළ පරික්ෂාවේදී ඔහු අධික ලෙස මත්පැන් පානය කර ඇති බවට අනාවරණය වී ඇත.

37 හැවිරිදි සැකකරු මරදාන පොලිසිය වෙත භාරදී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මරදාන පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Share This