ප්‍රදේශ කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

ප්‍රදේශ කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

එම සංවිධානය පැවසුවේ අද (19) පෙරවරු 8.00 සිට හෙට පෙරවරු 8.00 දක්වා අදාළ අනතුරු ඇඟවීම ක්‍රියාත්මක බවය.

ඒ අනුව, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, මාතලේ දිස්ත්‍රික්කයේ යටවත්ත, උකුවෙල, රත්තොට, විල්ගමුව‍ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපය සඳහා අවදානයෙන් සිටින ලෙස දන්වා තිබේ.

එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල, පස්සර, හාලිඇල, මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර, පාතදුම්බර, දොළුව, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල පල්ලේගම, අඹන්ගඟ කෝරළය, පල්ලේපොල, මාතලේ සහ නාඋල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිලිමත් බවින් සිටින ලෙසත් එම සංවිධානය නිකුත් කළ අනතුරු ඇඟවීමේ සඳහන් ව තිබේ.