දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ රැසකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ රැසකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද (14) දින පස්වරු 4.00 සිට හෙට (15) දින පස්වරු 4.00 දක්වා ප්‍රදේශ කිහිපයකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ඒ අනුව, පහත සඳහන් දිස්ත්‍රික්කවලට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 2 යටතේ මෙන්ම අදිරය 1 යටතේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත.

අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත්වන්න

ගාල්ල දිස්ත්‍රික්කය: – යක්කලමුල්ල, නියාගම, ⁠ඉමදූව

කළුතර දිස්ත්‍රික්කය: – බේරුවල

කෑගල්ල දිස්ත්‍රික්කය: – ගලිගමුව

කුරුණෑගල දිස්ත්‍රික්කය: – නාරම්මල, පොල්ගහවෙල, ⁠අලව්ව

නුවර එළිය දිස්ත්‍රික්කය: – අඹගමුව

රත්නපුර දිස්ත්‍රික්කය: – කහවත්ත, ඕපනායක, පැල්මඩුල්ල, නිවිතිගල

අනතුරු ඇඟවීමේ මට්ටම 2 – අවදානයෙන් සිටින්න

කොළඹ දිස්ත්‍රික්කය: – සීතාවක, පාදුක්ක

කළුතර දිස්ත්‍රික්කය: – වලල්ලාවිට, හොරණ, ⁠ඉංගිරිය, මතුගම, දොඩංගොඩ, ⁠බුලත්සිංහල, පාලින්දනුවර, ⁠අගලවත්ත

ගාල්ල දිස්ත්‍රික්කය: – ⁠ඇල්පිටිය, ⁠බද්දේගම, ⁠නෙළුව, ⁠නාගොඩ, වඳුරඹ, තවලම

ගම්පහ දිස්ත්‍රික්කය: – අත්තනගල්ල

කෑගල්ල දිස්ත්‍රික්කය: – රුවන්වැල්ල, යටියන්තොට, දෙහිඕවිට, වරකාපොළ, බුලත්කොහුපිටිය, කෑගල්ල, ⁠මාවනැල්ල, ⁠අරණායක, ⁠දැරණියගල

රත්නපුර දිස්ත්‍රික්කය: – ඇහැළියගොඩ, ⁠කිරිඇල්ල, අයගම, ඇලපාත, ⁠කලවාන, රත්නපුර, ⁠කුරුවිට