මහ මැතිවරණයට නාම යෝජනා ලබා දීමේදී තරුණයින්ට වැඩි ඉඩක් -නාමල්

මහ මැතිවරණයට නාම යෝජනා ලබා දීමේදී තරුණයින්ට වැඩි ඉඩක් -නාමල්

මෙවර මහ මැතිවරණයට නාම යෝජනා ලබා දීමේදී තරුණයින්ට ,පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයින්ට වැඩි අවස්ථාවක් ලබා දීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසීය.

තවද තරුණයින්ට මෙන්ම වයස අවුරුදු 50ට අඩු අයටද වැඩි අවස්ථාවක් ලබා දෙන බව ඔහු පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිස්වූ දිස්ත්‍රික්ක හා ආසන සංවිධායකවරුන් කඩිනමින් පත් කරන බවත් එහිදීද තරුණ නායකයින්ට වැඩි අවස්ථාවක් ලබාදීමට කටයුතු කරන බවත් නාමල් රාජපක්ෂ පැවසීය.