නාමල් ඉල්ලා අස්වෙයි

නාමල් ඉල්ලා අස්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ අනුව, එහි ඇතිවූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 130(3) හි විධිවිධාන අනුව තේරීම් කාරක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා එම කාරක සභාවේ සේවය කිරීම සඳහා පත්කර තිබේ.

මේ පිළිබඳව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (06) පාර්ලිමේන්තුව දැනුවත් කළ බව සඳහන්.