
නාමල් CIDයට
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (07) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පසුගිය දා ඇප හිමිවූ ඩේසි ෆොරස්ට් නොහොත් ඩේසි ආච්චි නැමති තම මිත්තණිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අද දින කැඳවා තිබූ බව නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ, අද වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇති බවය.