නාමල් CID යට ගෙන්නූ හේතුව මෙන්න
මෙරට ජනතාවට අවබෝධයෙන් බොරු කියමින් රාජපක්ෂවරු කෙරෙහි වැරදි චිත්‍රයක් මවා තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (24) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ, ප්‍රකාශ ලබා දී ඉන් පිටව යන අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
“සාමාන්‍යයෙන් අපේ රටේ දේශපාලන සංස්කෘතිය තමයි ආණ්ඩු මාරුවෙනකොට අනිත් ආණ්ඩුවේ හිටපු අයව ගෙනත් ප්‍රශ්න කරන එක. අපිට එන්න කිව්වම අපි එනවා.
මේ රටේ ජනතාවට අවබෝධයෙන් බොරු කියලා අපි කෙරෙහි වැරදි චිත්‍රයක් මවලා තිබෙනවා.
අද නම් එන්න කියලා තිබුණේ 2010 – 2015 කාල සීමාවේ මගේ කාර්යාලයට ඇවිත් සල්ලි දීලා ගියාලු. එක මහත්මයෙක් කියලා තියෙනවා.
නිර්නාමික පැමිණිල්ලක්. ඉතින් ඒ නිර්නාමික පැමිණිල්ල අනුව මුදල් අරන් ඇවිත් මගේ කාර්යාලයේ තියලා ගිහින්.
ඒ පිළිබඳව මගේ අහනවා. මේ වගේ පැමිණිලි දහස් ගණනකට පසුගිය යහපාලන ආණ්ඩුවේ කටඋත්තර දුන්නා.
රිමාන්ඩ් වුණා, අධිකරණයේ නඩු පවරලා තියෙනවා., ඒ වගේම නිදොස්කොට නිදහස් වුණා. අපි පැහැදිලිවම ඇවිත් මේවට සහයෝගය ලබා දෙනවා.
අපි ආණ්ඩුවෙන් ඉල්ලන්නේ මේ විදියටම උගන්ඩාව සම්බන්ධයෙනුත් සීසේල්ෂ් සම්බන්ධයෙනුත් ගෙන්නලා අවබෝධයෙන් බොරු කියපු අයගෙත් කටඋත්තර ලියාගෙන, ඒවා ලෝකයේ තියෙනවා දැක්කා කියන අයවත් ගෙනල්ලා පරීක්ෂණ කටයුතු කරන්න.”