පොහොට්ටු ප්‍රතිපත්ති ප්‍රකාශය සුබ මොහොතින් අද මහින්දට – ජනගත කිරීම සැප්තැම්බර් 02

පොහොට්ටු ප්‍රතිපත්ති ප්‍රකාශය සුබ මොහොතින් අද මහින්දට – ජනගත කිරීම සැප්තැම්බර් 02

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ රට හමුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශයේ මුල් පිටපත අද (30) දහවල් සුබ මොහොතින් එම පක්ෂයේ උත්තරීතර නායක මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වෙත පිළිගන්වා තිබේ.

එම ප්‍රතිපත්ති ප්‍රකාශය සැප්තැම්බර් 02 දා ජනගත කිරීමට තීරණය කර ඇත.

රණවිරුවගේ හද ගැස්ම හඳුනන දේශපාලන බලවේගයක් තිබෙනවා නම් ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බිහි කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පමණක් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මේ අතර නාමල් රාජපක්ෂ මහතාගේ දෙහිවල පක්ෂ කාර්යාලය විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් අද (30) පෙරවරුවේ සුබ මොහොතින් විවෘත කෙරුණි.