ජනවාරියේ සිට අප්‍රේල් දක්වා අතුරු සම්මත ගිණුමකට කැබිනට් අනුමැතිය
ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා වන මාස හතරක කාලයක් සඳහා අතුරු සම්මත ගිණුමක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
අද (26) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවසුවා.
අදාළ අතුරු සම්මත ගිණුම සඳහ වන පාර්ලිමේන්තු විවාදය දෙසැම්බර් 05 සහ 06 යන දිනවල දී පැවැත්වීමට දින නියම වී ඇති බව අමාත්‍යවරයා පැවසුවා.