වරප්‍රසාද කපන කේ. ටී. චිත්‍රසිරි වාර්තාව අධ්‍යයනය කරනවා – නලින්ද

වරප්‍රසාද කපන කේ. ටී. චිත්‍රසිරි වාර්තාව අධ්‍යයනය කරනවා – නලින්ද

මැති ඇමතිවරුන් සහ හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සීමා කිරීමට අදාලව පත් කරන ලද කේ. ටී. චිත්‍රසිරි කමිටු වාර්තාව අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (3) පැවසීය.

අදාල කමිටු වාර්තාව ජනාධිපතිවරයාට ලබා දී ඇතැයි නලින්ද ජයතිස්ස මහතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

වරප්‍රසාද සීමා කරන ආකාරය ගැන අදාළ වාර්තාවේ සඳහන්ව තිබෙන බව කී අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බව කීය.