ජනාධිපති අරමුදලෙන් මුදල් ගත්තු හිටපු මැති ඇමතිවරුන්ගේ නම් ලැයිස්තුව එළියට
2005- 2024 කාල සීමාවේදී මූලික අරමුණු වලින් බැහැරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 34 දෙනකුට ජනාධිපති අරමුදලෙන් රුපියල් කෝටි ගණනින් මුදල් ලබා දී ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (17) පාර්ලිමේන්තුවේදී පැවසීය.
එමෙන්ම, මෙම අරමුදලේ මුදල් වෙන් කර ඇත්තේ මෙරට දරිද්‍රතාවයට සහන සැලසීම ඇතුලු සුබසාධක කටයුතු සඳහා බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
මෙයින් වැඩිම මුදල ලබා දී තිබුණේ හිටපු අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතාට බවත් ඔහුට රුපියල් කෝටි තුනක මුදලක් දී තිබූ බවත් අමාත්‍යවරයා කීවේය.
මේ අතර අග්‍රාමාත්‍ය වෛද්‍ය ඒකකය වෙනුවෙන් 2022- 2024 කාල සීමාවේදී රුපියල් එක්කෝටි විසි එක් ලක්ෂයක මුදලක් වැය කර ඇතැයි පැවසූ ජයතිස්ස මහතා වර්තමාන අග්‍රාමාත්‍යවරිය බලයට පත්වීමෙන් පසු ගිලන් රථ භාරදී එම වියදම් කපා හැරිය බවද ප්‍රකාශ කළේය.
ඔහු මේ බව කියා සිටියේ, පාසල් දරුවන්ගේ ලිපි ද්‍රව්‍ය වියදම් පිළිබඳ පරිපූරක ඇස්තමේන්තු විවාදයේදීය.
එම නම් ලැයිස්තුව පහතින්
පී. හැරිසන්
පියසේන ගමගේ
සුමේදා ජයසේන
මනෝජ් සිරිසේන
පී.දයාරත්න
එස්.සී මුතුකුමාරණ
එස්.බී.නාවින්න
වාසුදේව නානායක්කාර
දයාසිරි පද්මකුමාර ජයසේකර
පියල් නිශාන්ත ද සිල්වා
සුසිල් ප්‍රේමජයන්ත
ඉසුර දේවප්‍රිය පෙරේරා
ජගත් කුමාර – රුපියල් ලක්ෂ 10යි
කේ පී එස් කුමාරසිරි – රුපියල් 953,430
ජයලත් ජයවර්ධන – රුපියල් ලක්ෂ 10
නාමල් ගුණවර්ධන – රුපියල් ලක්ෂ 10
ධර්මදාස බණ්ඩා – රුපියල් ලක්ෂ 10
විදුර වික්‍රමනායක – රුපියල් ලක්ෂ 15
විමලවීර දිසානායක – රුපියල් ලක්ෂ 30
ලකී ජයවර්ධන – රුපියල් ලක්ෂ 16.2
පී චන්ද්‍රසේකරන් – රුපියල් ලක්ෂ 14
ජෝන් අමරතුංග – රුපියල් ලක්ෂ 40
ජෝසප් මයිකල් පෙරේරා – රුපියල් ලක්ෂ 27
ටී බී ඒකනායක – රුපියල් ලක්ෂ 48
ඩබ්ලිව් එම් එස් ෆොන්සේකා – රුපියල් ලක්ෂ 55
නීතිඥ ජයන්ත වීරසිංහ – රුපියල් ලක්ෂ 90
ඇලික් අලුවිහාරේ – රුපියල්ල ලක්ෂ 22
රංජිත් අලුවිහාරේ – රුපියල් ලක්ෂ 8.6
රාජිත සේනාරත්න – රුපියල් ලක්ෂ 100
කෙහෙළිය රඹුක්වැල්ල – රුපියල් ලක්ෂ 110
එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන – රුපියල් ලක්ෂ 112
රංජිත් සොයිසා – රුපියල් ලක්ෂ 188
දි.මු ජයරත්න – රුපියල් ලක්ෂ 300