
ඉමිතියාස් සජබ සභාපතිකමින් ඉල්ලා අස්වුණු හේතුව
සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් ඉමිතියාස් බාකීර් මාකාර් මහතා ඉල්ලු අස් වූයේ තරුණයන්ට අවස්ථාව ලබා දීමේ අරමුණින් බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයේදී අදහස් පළ කරමින් සිටියදී ආණ්ඩු පක්ෂයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අද (19දා) ඔහු මේ බව සඳහන් කලේය.
සමගි ජන බලවේගයේ සභාපතිවරයා ඉවත් වුණේ තරුණයන්ට, නවකයන්ට අවස්ථාව දෙන්න. හැමදාම බදාගෙන නෑ. ටිල්වින් සිල්වා මහත්මයා, ඔබතුමන්ලාගේ ලේකම්තුමා හැමදාම අල්ලගෙන ඉන්නවා වගේ අපේ සභාපතිලා, ලේකම්ලා හැමදාම අල්ලගෙන ඉන්නේ නෑ.