ටෙනිස් ලෝක ශූර රෆායෙල් නඩාල් ටෙනිස් පිටියෙන් සමුගනී

ටෙනිස් ලෝක ශූර රෆායෙල් නඩාල් ටෙනිස් පිටියෙන් සමුගනී

ලොව ප්‍රධාන පෙළේ ටෙනිස් ශූරයෙකුවන රෆායෙල් නඩාල් ටෙනිස් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා.

නොවැම්බර් මස අගදී ස්පාඤ්ඤයේ මලගා හී පැවැත්වෙන ඩේවිස් කුසලාන අවසන් මහා තරගයෙන් පසු වෘත්තීය ටෙනිස් පිටියෙන් සමුගන්නා බවයි රෆායෙල් නඩාල් අද (10) නිවේදනය කළේ.

ඔහු ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 22ක් සහ ඔලිම්පික් කේවල රන් පදක්කම් රැසක් දිනා තිබෙනවා.