මුතුරාජාගේ දළ කපන්න තායිලන්ත පශු වෛද්‍යවරුන්ගේ තීරණයක්
මෙරටදී රෝගාතුරව සිට තායිලන්තය වෙත රැගෙන ගිය 30 හැවිරිදි වියේ පසුවූ මුතුරාජා හෙවත් සක් සූරීන් ඇතාගේ ඇත් දළ කපා ඉවත් කිරීමට එරට ලම්පෑන්ග් ප්‍රදේශයේ අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ පශු වෛද්‍යවරුන් තීරණය කර ඇතැයි තායිලන්ත මාධ්‍ය වාර්තා කරනවා.
ඒ, දිගින් දිගටම වර්ධනය වන ඇත් දළ මේ වනවිට පොළවේ ගෑවෙන මට්ටමක පවතින බැවින් සහ එහි බර ඇතාට දැඩි අපහසුතාවයක් ගෙන දෙන බව යන කරුණු නිසාය.
ලම්පෑන්ග් අලි රෝහලේ පශු වෛද්‍ය වරංඛනා ලන්කාෆින් සඳහන් කරන්නේ, ඇත් දළවල බර නිසා ඇතා හිස පහත් කරගෙන ඇවිදින බවයි.
එමෙන්ම මුතුරාජාගේ බර සහ දිග නිසා හස්තියාගේ දෛනික ජීවිතයට දැඩි බලපෑමක් එල්ලවන බවත්, මෙම තත්ත්වය දිගටම පැවතුණහොත් එය සෞඛ්‍ය ගැටළුවලට තුඩු දෙනු බවත්, වෛද්‍යවරයා පවසනවා.
මෙම ක්‍රියාව සඳහා පශු වෛද්‍ය කණ්ඩායම විශේෂඥයින්ගෙන් උපදෙස් ලබාගෙන ඇති අතර, ඇත් දළ කෙටි සහ සැහැල්ලු බවට පත් කිරීම සඳහා සලකා බලන බවයි ඔවුන් සඳහන් කරන්නේ.
කෙසේ වෙතත්, වැඩිදුර උපදෙස් අවශ්‍ය බැවින්, එම ක්‍රියා පටිපාටිය වහාම ක්‍රියාත්මක කළ නොහැකි බවයි වෛද්‍යවරයා සඳහන් කරන්නේ.