
එළිමහන් සංගීත ප්‍රසංගවල සීමා සංශෝධනයට රජයේ අවධානය
කැබිනට් මණ්ඩලය සමග සාකච්ඡා කර, එළිමහන් සංගීත ප්‍රසංග ක්ෂේත්රයේ ගුණාත්මකභාවය වර්ධනය කිරීම සඳහාත් මහජන පීඩා ඇති නොවන පරිදි දැනට පවතින සීමා සංශෝධනය කිරීමටත් කටයුතු කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පවසයි.
අමාත්‍යවරයා හා එළිමහන් සංගීත ප්‍රසංග ක්ෂේත්රයේ නියැලී සිටින පිරිසක් අතර ඊයේ (24) පැවැත්වූ සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එළිමහන් සංගීත ප්‍රසංග පැවැත්වීමේ කාල සීමාව දීර්ඝ කර ගැනීම, ක්‍රීඩාංගණ වෙන් කර ගැනීමේදී ඇති ගැටලු මගහරවා ගැනීම, ශබ්ද විකාශන බලපත්‍ර ලබා ගැනීමේදී ඇති ගැටලු විසඳා ගැනීම, ශිල්පීන්ගේ අයකිරීම් සාධාරණ මට්ටමක පවත්වා ගැනීම, විනෝද බද්ද අය කිරීමේදී පවතින විෂමතා ඉවත් කරගැනීම සහ රසිකයන්ගේ ආරක්ෂාව තර කිරීම ඇතුළු යෝජනා රැසක් ඔවුන් විසින් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කෙරිණ.