මව ඝාතනය කළ පුතා සියදිවි නසාගනී

මව ඝාතනය කළ පුතා සියදිවි නසාගනී

ගොඩකවෙල – බිසෝකොටුව ප්‍රදේශයේදී පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පහරදී ඊයේ (15) සිය මව ඝාතනය කළ පුත්‍රයා සියදිවි නසාගෙන ඇති බව පොලීසිය පවසයි.

මව ඝාතනය කිරීමෙන් අනතුරුව ප්‍රදේශයෙන් පලා ගොස් සිටි සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කරන අතරතුරදී උඩවලව – ගුරු මඩයාය ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවියකින් වෙඩි තබාගෙන සිය දිවි හානි කර ගෙන ඇති බවට ප්‍රදේශවාසීන් විසින් පොලිස් ස්ථානය වෙත දැනුම් දී තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 54 ක් වූ ගල්පාය, පල්ලේබැද්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය ඇඹිලිපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, ගොඩකවෙල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.