විශ්‍රාමික හමුදා සෙබලෙකු ඝාතනය කර වැසිකිලි වලකට දමලා

විශ්‍රාමික හමුදා සෙබලෙකු ඝාතනය කර වැසිකිලි වලකට දමලා

පිහිඹියගොල්ලෑව, පිනිගල ගමේ පදිංචි විශ්‍රාමික හමුදා සෙබලෙකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය පවසයි.

මෙලෙස ඝාතනය කර ඇත්තේ, පිනිගල ගමේ පදිංචි එස්.කරැණාසේන නැමැති 54 හැවිරිදි තිදරු පියෙකි.

පසුගිය දිනෙක නිවසේ තනියම සිටි එම පුද්ගලයා මෙලෙස ඝාතනය කර වැසිකිළිවලට දමන්නට ඇතැයි පැවසෙයි.

මේ පිලිබඳව ඔහුගේ වැඩිමල් පුත්‍රයා සහ මව පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

අසල්වාසියකුගේ වැසිකිලිවලක අධික දුර්ඝන්ධයක් දැනී පරික්ෂා කිරීමේදී එම වැසිකිලි වලේ තම පියාගේ සිරැර හා මදුරු දැලක් හා මෙට්ට උරයක් තිබුණු බව ඔහු සඳහන් කර තිබේ.