අනියම් සැමියාගේ පිහි පහරින් නීත්‍යානුකූල සැමියා මරුට

අනියම් සැමියාගේ පිහි පහරින් නීත්‍යානුකූල සැමියා මරුට

බිරිඳගේ අනියම් සැමියා විසින් තියුණු ආයුධයකින් පහරදී නීත්‍යානුකූල සැමියා ඊයේ (23) ඝාතනය කර ඇතැයි රාගම පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ, අවුරුදු 42 වයසැති රාගම නාරංගොඩපාළුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එම ඝාතනය සම්බන්ධයෙන් අනියම් සැමියා සහ බිරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකකරු මරණකරුගේ නාරංගොඩපාළුව නිවෙසට පැමිණ මෙම ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.

රාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Share This