
කොටහේනේදී තියුණු ආයුධ වලින් පහරදී තරුණයෙකු ඝාතනය කෙරේ
කොටහේන, බ්ලූමැන්ඩල් රේල් පාර ප්‍රදේශයේදී තියුණු ආයුධ වලින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබෙනවා.
එම තරුණයා ඊයේ (18) රාත්‍රි සිය බිරිඳ සමග රේල් පාර අසළට පැමිණි අවස්ථාවේදී යතුරුපැදි වලින් පැමිණි පිරිසක් විසින් ඔහු ඝාතනය කර ඇති බවයි, පොලීසිය පැවසුවේ.
ඝාතනයට ලක්ව ඇත්තේ 22 හැවිරිදි මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේ ය.