සැමියාගේ උදලු පහරින් දෙදරු මවක් ජීවිතක්ෂයට

සැමියාගේ උදලු පහරින් දෙදරු මවක් ජීවිතක්ෂයට

හිඟුරක්ගොඩ, යුධගනාව ප්‍රදේශයේ දී 27 හැවිරිදි තරුණ කාන්තාවක් උදැල්ලකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

ඊයේ (29) පස්වරුවේ මෙම ඝාතනය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඝාතනයට ලක්වූ කාන්තාව දෙදරු මවක් වන අතර, පහරදීමෙන් ඇයගේ මාස එකහමාරක් වයසැති දරුවා ද තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

අදාළ කාන්තාවගේ සැමියා විසින් මෙම ඝාතනය සිදුකර ඇති අතර, අපරාධය සිදු කිරීමෙන් පසු ඔහු මැදිරිගිරිය ප්‍රාදේශයේ සැඟව සිටිය දී හිඟුරක්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දරුවා මැදිරිගිරිය මූලික රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබන අතර, මියගිය කාන්තාවගේ පියාට ද කාන්තාවට පහර දුන් උදැල්ලෙන්ම පහරදීම හේතුවෙන් බරපතළ තත්ත්වයෙන් මැදිරිගිරිය මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත් ඔහුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

මුදල් අස්ථානගතවීමක් සම්බන්ධයෙන් සැමියා සහ බිරිඳ අතර, ඇති වූ ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

හිඟුරක්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් මෙම ඝාතනය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂාව සිදුකර ඇති අතර, හිඟුරක්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

Share This