මිටියකින් සහ පොල්ලකින් පහර දී පුතා තාත්තව මරලා

මිටියකින් සහ පොල්ලකින් පහර දී පුතා තාත්තව මරලා

තණමල්විල විසිඑක කණුව බෝදාගම ප්‍රදේශයේ දී පුත්‍රයා විසින් සිදු කළ පහරදීමකින් ඔහුගේ පියා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඝාතනයට ලක්වූ පුද්ගලයා වයස අවුරුදු 61ක් හැවිරිදි ජයසේන නැමැත්තෙකු වන අතර සැකකාර පුත්‍රයා වයස අවුරුදු 25ක් වන පුද්ගලයෙකු බව සඳහන්.

සැකකරු මිටියකින් සහ පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති අතර අද (10) පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ඝාතනයට නිශ්චිත හේතුව තවමත් අනාවරණය වී නොමැති බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන තණමල්විල මූලස්ථාන පොලීසිය විසින් සිදුකරන බව සඳහන්.