දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයෙක් මරුට

දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයෙක් මරුට

මාවතගම පොලිස් වසමේ වෑඋඩ වතුයාය ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොල්ලකින් හා තියුණු ආයුධකින් පහර දීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා මාවතගම රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා වයස අවුරුදු 45ක වතුයාය, වෑඋඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරුගේ නිවසට ආසන්නයේ පිරිසක් එක්ව ඊයේ (14) රාත්‍රියේ වයෝවෘද්ධ පුද්ගලයෙකුට පහරදීමට යාමේ දී මරණකරු එය වැළැක්වීම සඳහා තම පුත්‍රයා ද සමඟ ගොස් තිබෙනවා.

එහිදී ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් එම පිරිස අතර සිටි පුද්ගලයින් කිහිපදෙනෙකු මෙම අපරාධය සිදුකර ඇති බවයි දැනට සිදුකරන ලද විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ.

අපරාධය සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, මාවතගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා