නිවස කොල්ල කෑමට පැමිණි අය ආබාධිතයෙකු මරා ගේට්ටුවේ ගැටගසලා

නිවස කොල්ල කෑමට පැමිණි අය ආබාධිතයෙකු මරා ගේට්ටුවේ ගැටගසලා

පැල්මඩුල්ල, මීගහගොඩ ප්‍රදේශයේ නිවසකට ඇතුළු වු කිසියම් පුද්ගලයකු නිවසේ තිබූ රන් බඩු සහ මුදල් කොල්ලකා නිවසේ සිටි උපතින්ම ආබාධිත පුද්ගලයකු ඝාතනය කර නිවසේ ගේට්ටුව අසල ගැට ගසා පලා ගොස් ඇති බව පැල්මඩුල්ල පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ පැල්මඩුල්ල මීගහ ගොඩ ප්‍රදේශයේ පදිංචි කේ.ආර්. වසන්ත කුඩා රාළගේ නැමැති 58 හැවිරිදි පුද්ගලයෙකි.

119 පොලිස් හදිසි ඇමතුම් මධ්‍යස්ථානයෙන් ලද තොරතුරකට අනුව පැල්මඩුල්ල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් විමර්ශන ආරම්භ කර තිබේ.

එහිදී නිවසේ තිබූ රන් අත් පළඳනාවක්, රන්මුද්දක්, රන් මාලයක් සහ මුදල් කොල්ලකා සැකකරු පලා ගොස් ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.