ඇමෙරිකානු පොලිසිය කළු ජාතික කාන්තාවක් නිවස තුළ වෙඩි තබා ඝාතනය කරයි – සංවේදී දර්ශන සහිතයි

ඇමෙරිකානු පොලිසිය කළු ජාතික කාන්තාවක් නිවස තුළ වෙඩි තබා ඝාතනය කරයි – සංවේදී දර්ශන සහිතයි

අමෙරිකාවේ ඉලිනොයිස් හි පොලීසිය, කළු ජාතික කාන්තාවක වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමක වීඩියෝ දර්ශන මාධ්‍යයට නිකුත් කර තිබේ.

තම නිවසට යම් පුද්ගලයෙකු ඇතුළු වී ඇතැයි පවසමින් මෙම කාන්තාව පොලීසියට ඇමතුමක් ලබාදී ඇති අතර, මෙලෙස ඇයට වෙඩි තබා ඇත්තේ ඊට ප්‍රතිචාර ලෙස පැමිණි පොලිස් නිලධාරියෙක් විසිනි.

36 හැවිරිදි Sonya Massey නම් කාන්තාව සංගමොන් ප්‍රාන්තයේ ෂෙරිෆ් කාර්යාලයේ නිලධාරියෙක් විසින් ඉලිනොයිස් ප්‍රාන්තයේ අගනුවර පිහිටි ඇයගේ නිවසේදී මෙලෙස ඝාතනය කර තිබේ.

මෙසේ පොලිසියට කතා කර තිබුණේ කවුරුන් හෝ තම නිවසට කඩාවැදීමට උත්සාහ කරන බව සිතූ නිසාය.

ඇයගේ බෙල්ලේ පිටුපසින් සහ ඇසට පහළින් වෙඩි උණ්ඩ කිහිපයක් එල්ලවී ඇත.

පසුව එහි පැමිණි වෛද්‍යවරුන් ඇයව අසල පිහිටි රෝහලකට ගෙන ගිය අතර එහිදී ඇය මියගොස් ඇති බව පැවසේ.