ත්‍රීරෝද රථයෙන් හමුවූ මියගිය බිලිඳිය වයරකින් ගෙල සිර කර ඝාතනය කර ඇති බව හෙළිවෙයි

ත්‍රීරෝද රථයෙන් හමුවූ මියගිය බිලිඳිය වයරකින් ගෙල සිර කර ඝාතනය කර ඇති බව හෙළිවෙයි

ආගරපතන හෙන්ෆොල්ඩ් වතුයායේ එල්.ජි කොටසේ නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු ත්‍රිරෝද රථයක පිටුපස තිබි (10) දින හමු වු බිළින්දියගේ සිරුර සම්බන්ධයෙන් නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා විසින් සිදු කල පශ්චාත් මරණ පරික්ෂණයේදි බිළින්දිය ඉපදුණු විටම වයරකින් ගෙල සිර කර ඝාතනය කර ඇති බවට තහවුරු වි ඇති බව ආගරපතන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසිය.

ඉකුත් (10) දින එම වතුයායේ නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු ත්‍රිරෝද රථයකින් දුර්ගන්ධයක් හැමිම සම්බන්ධයෙන් එම ත්‍රිරෝද රථයේ රියදුරුගේ මව විසින් පරික්ෂා කර බැලිමේදි ත්‍රිරෝද රථයේ පිටුපස තිබු පොලිතින් බැගයක පරික්ෂා කර බැලිමේදි එම බැගය තුල කුඩා බිළින්දියෙකුගේ සිරුරක් තිබෙන බවට දැකිමෙන් පසු ඇය කැගසමින් අසල්වාසින්ට ඒ සම්බන්ධයෙන් දැනුම් දිමෙන් පසු අසල්වාසින් විසින් ඒ බැව් ආගරපතන පොලිසියට දැනුම් දි තිබුණි.

සිරුර සම්බන්ධයෙන් සැකපිට එම ත්‍රිරෝද රථයේ 28 හැවිරිදි එක්දරු පියෙක් සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිමේදි මාවනැල්ල ප්‍රදේශයේ සිට තම වතුයායට පැමිණි කාන්තාවකගේ පාර්සලයක් බවට පැවසිමෙන් අනතුරුව 24 හැවිරිදි සැකකාර කාන්තාවද පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ප්‍රශ්න කිරිමේදි සැකකාර රියදුරු සහ තමන් අතර තිබු අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් බිලිඳිය මෙලොවට බිහි වු බවට ඇය පවසා තිබේ.

ඉකුත් (05) දින තමන් සේවය කල මාවනැල්ල ප්‍රදේශයේ නිවසේදි බිලිඳිය මෙලොවට බිහි වු බවත්, එම නිවසේ සේවය කරන තම සොහොයුරියගේ සහය ඇතිව බිලිඳියගේ ගෙල සිර කර ඝාතනය කර සිරුර සැගවිම සදහා ත්‍රිරෝද රථ රියදුරා සමග ආගරපතන ප්‍රදේශයට රැගෙන පැමිණි බව සැකකාර කාන්තාව පොලිසිය පාපොච්චාරණය කර ඇත.

අළුයම් කාලයේ සිරුර වල දැමිමට සැලසුම් කර තිබුණද තම මව සිරුර දැක අසල්වාසින්ට දැනුම් දිම නිසා සිරුර වල දැමීමට නොහැකි වු බව ත්‍රිරෝද රථයේ රියදුරා පොලිසියට පාපොච්චාරණය කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව පොලිස් ආරක්ෂාව යටතේ නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර, සැකකාර රියදුරා සහ සැකකාරිනිය (12) දින නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත්, සැකකාරිනියගේ සොහොයුරියද අත්අඩංගුවට ගැනිමට පියවර ගෙන ඇති බවයි ඝාතනය සම්බන්ධයෙන් විමර්ෂණ සිදු කරන ආගරපතන පොලිසියේ ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.