කටුවන අමුදමන ප්‍රදේශයේ මනුෂ්‍ය ඝාතනයක්

කටුවන අමුදමන ප්‍රදේශයේ මනුෂ්‍ය ඝාතනයක්

බහින් බස්වීමක් දුරදිග යාමෙන් පුද්ගලයෙක් විසින් තියුණු ආයුධයකින් පහරදී තවත් පුද්ගලයෙක්ව ඝාතනය කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඊයේ (22) අලුයම් කාලයේදී කටුවන පොලිස් වසමේ අමුදමන ප්‍රදේශයේදී එම ඝාතනය සිදුකර ඇති බවයි.

එලෙස මියගොස් ඇත්තේ, අමුදමන, කටුවන ප්‍රදේශයේ පදිංචිව සිටි 41 හැවිරිදි පුද්ගලයෙක්.

මරණකරු හා ඔහුගේ මස්සිනා අතර ඇතිවූ අමනාපයක් මත බහින් බස්වීමක් දුරදිගයාමෙන් මස්සිනා විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කළා.

ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කටුවන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Share This