රුවන්වැල්ලේ මනුෂ්‍ය ඝාතනයක්

රුවන්වැල්ලේ මනුෂ්‍ය ඝාතනයක්

රුවන්වැල්ල, මොරලිය ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මොරලිය ප්‍රදේශයේ පදිංචිව සිටි 41 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

ඊයේ (13) රාත්‍රියේ තියුණු ආයුධයකින් ගෙළ ප්‍රදේශයට පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවයි, විමර්ශන වල දී අනාවරණය වී තිබෙන්නේ.

මෙම ඝාතනයට හේතුව අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් කවුරුන් ද යන්න පිළිබඳව ද මෙතෙක් අනාවරණය වී නැහැ.

ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ මෘත ශරීරය කරවනැල්ල රෝහලේ තැන්පත්කර තිබෙනවා.