සැමියාගේ පොරෝ පහරින් බිරිඳ මරුට

සැමියාගේ පොරෝ පහරින් බිරිඳ මරුට

කතරගම පොලිස් වසමට අයත් ඩෝසර් වැව ප්‍රදේශයේදී අද (28) අලුයම 5 ට පමණ සැමියා විසින් පොරොව කින් පහරදී බිරිඳ ඝාතනය කර ඇතැයි කතරගම පොලිසිය පවසයි .

මෙලෙස ඝාතනය කර ඇත්තේ අංක 72 ,ඩෝසර් වැව පාර, කතරගම ලිපිනයේ පදිංචි උසේන් නෝනා පරීනා නමැති 34 හැවිරිදි දෙදරු මවකි.

ඇය මල් වෙළෙඳාම් කර ජීවත් වූ කාන්තාවක් බවද පොලිසිය පවසයි .

දීර්ඝ කාලීන පවුල් ආරවුලක් හේතුවෙන් මෙම මිනිස් ඝාතනය සිදුකර ඇතැයි වාර්තා වෙයි.

පොරොවෙන් හිසට පහරදී නිවසේ මිදුල මැද බිරිඳ ඝාතනය කල 44 වියේ පසුවන සැකකාර සැමියා ප්‍රදේශය අතහැර පලාගොස් ඇතැයිද පොලිසිය කියයි.

ඝාතනයට ලක්වූ කාන්තාවගේ මරණය පිළිබද මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (28) තිස්සමහාරාම මහේස්ත්‍රාත්වරයා විසින් පැවැත්වීමට නියමිතව තිබුණි .

කතරගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි .