හෝටල් කාමරයක් තුළ කාන්තාවක්ව ඝාතනය කෙරේ – ඝාතකයාත් ගෙල වැලලාගෙන

හෝටල් කාමරයක් තුළ කාන්තාවක්ව ඝාතනය කෙරේ – ඝාතකයාත් ගෙල වැලලාගෙන

අම්පාර, පොතුවිල් අරුගම්බේ සංචාරක කාලපයේ හෝටලයක් තුලදී තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.

එම ඝාතනය සිදු කළා යැයි සැක කරන පුද්ගලයාගේ සිරුරද එල්ලෙමින් තිබියදී සොයාගත් බව අම්පාර දිස්ත්‍රික්කයේ උසස් පොලිස් නිළධාරියෙක් පැවසිය.

මියගිය කාන්තාව සහ අනෙක් පුද්ගලයා ඊයේ (12) මෙම හෝටලයේ කාමරයක් රැගෙන නැවතී තිබේ.

මෙම දෙදෙනා සවස 5.00 පමණ වනතෙක් කාමරයෙන් එලියට නොපැමිණි නිසා හෝටල් හිමිකරු විසින් අරුගම්බේ සංචාරක පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව පොලිස් නිළධාරින් පැමිණ කාමරයේ දොර හැර බලනවිට කාන්තාව ලේ විලක්මැද වැටී සිට ඇති අතර කාමරයට යාබඳව ඇති නාන කාමරය තුළ සැකකරු ගෙල වැලලාගෙන ඇති බවත් නිරීක්ෂණය වී ඇත.

එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 35ක් වූ මහකළුගොල්ල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර ගෙල වැලලාගෙන මියගොස් ඇත්තේ 51 හැවිරිදි පොතුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

දෙදෙනා අතර සිදුවූ ආරවුලක් මත මම අපරාධයන් සිදුව ඇති බවයි, පොලිසිය සැකපළ කරන්නේ.

සිදුවීම සම්බන්ධයෙන් පොතුවිල් පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Share This