ඡන්දෙට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දින දෙකක් වැසෙයි

ඡන්දෙට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දින දෙකක් වැසෙයි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය මහ මැතිවරණයේදී ඡන්ද මාධ්‍යස්ථාන ලෙස යොදාගන්නා බැවින් එම කාර්යාලය සාමාන්‍ය රාජකාරි සඳහා මේ මස 13 සහ 14 දෙදින වසා තබන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම කාර්යාලය නැගෙනහිර කොළඹ ඡන්ද කොට්ඨාස 6 සහ 7 ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදාගන්නා බැවින් ඒ සඳහා පහසුකම් සළසන බව එම නිවේදනයේ සඳහන්.

COMMENTS