ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ දැමීමට මූඩිස් ආයතනයේ අවධානය

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ දැමීමට මූඩිස් ආයතනයේ අවධානය

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ දැමීම කෙරෙහි මූඩිස් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයේ අවධානය යොමුව තිබේ.

රොයිටර් පුවත් සේවය අද (28) වාර්තා කළේ, ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරන ක්‍රියාවලියෙන් අනතුරුව එම පියවර ගනු ඇති බවයි.

මේ අතර විදෙස් ණය ප්‍රතිව්‍යුගතකරණයෙන් පසු ශ්‍රී ලංකාවේ බැංකු මත ඇති පීඩනය පහව යනු ඇති බව තවත් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනය පසුගිය දා නිවේදනය කළේය.