මියන්මාර භූ කම්පනයෙන් මියගිය ගණන තවත් ඉහළට

මියන්මාර භූ කම්පනයෙන් මියගිය ගණන තවත් ඉහළට

මියන්මාර භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 150 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අතර මියන්මාරයේ 144 දෙනෙකු හා තායිලන්තයේ බැංකොක්හි පුද්ගලයින් 6 දෙනෙකු සිටී.

මියන්මාරයේ තුවාල ලබා ඇති සංඛ්‍යාව 730 කට අධිකයි.

තායිලන්තයේ ඉදිකිරීම් ස්ථාන 3ක සිදු වූ අනතුරුවලින් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා ඇති අතර අතුරුදන් වූ සංඛ්‍යාව 101 කි.

මියන්මාරයේ පැරණි අගනගරයක් වූ මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් එරට වේලාවෙන් ප.ව. 12.50ට පමණ ඇති වූ මෙම භූමිකම්පාව රික්ටර් මාපකයේ 7.7ක ප්‍රබලත්වයකින් යුතු විය.

මිනිත්තු 12 කට පසු, මැග්නිටියුඩ් ඒකක 6.4ක පසු කම්පනයක් ද හටගෙන තිබේ.

වසර 100කට වැඩි කාලයකට පසු මියන්මාරයට බලපෑ ප්‍රබලම භූ කම්පනය මෙය බවත් විදෙස් වාර්තාවල සඳහන් විය.

මෙම භූමිකාම්පාවල ප්‍රබලත්වය අසල්වැසි තායිලන්තයේ බැංකොක් නුවරට ද දැනී තිබුණි.

ඒ හේතුවෙන් මියන්මාරයේ මෙන්ම බැංකොක් නුවර ගොඩනැගිලි කිහිපයකට හානි සිදුවිය.

මේ හේතුවෙන් බැංකොක් නුවරට හදිසි තත්ත්වයක් ද ඊයේ ප්‍රකාශයට පත් කෙරුණි.