
මියන්මාර භූකම්පනයෙන් මියගිය ගණන 1,600 ඉක්මවයි
මියන්මාරයේ සිදුවූ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 1,644ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඉන් මරණ 10 ක් වාර්තා වන්නේ තායිලන්තයෙන්.
අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණායතනය අනතුරු අඟවන්නේ එය දස දහස ඉක්මවීමේ අවදානමක් පවතින බවය.
සුන්බුන් අතර සිරවූ පුද්ගලයින් මුදා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක අතර ඒ සඳහා චීන ගලවා ගැනීමේ කණ්ඩායමක් ද එක්ව තිබේ.
මේ අතර මියන්මාරයේ මැන්ඩලේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තාවකාලික රෝහලක් බවට පත්කරිමට බලධාරින් පියවර ගෙන තිබේ.
ඒ භූකම්පනය හේතුවෙන් ගුවන් ධාවනපථයට වූ හානියත් සමගයි.
ආපදාවට පත්වූවන් සදහා සහන සැපයීමට ඉන්දියාවෙන් සහ බ්‍රිතාන්‍යයෙන් මියන්මාරයට මානුෂීය ආධාර ලබාදීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඒ අනුව, ඉන්දියාවෙන් ටොන් 60ක සහනදාර සහිත ගුවන් යානා දෙකක් මියන්මාරයට යවා ඇති අතර බ්‍රිතාන්‍ය විසින් පවුම් මිලියන 10ක ආධාර ලබා දී ඇතැයි සඳහන්.
තවත් රටවල් රැසක් මියන්මාරයට සහාය දැක්වීමට ඉදිරිපත් වී ඇති අතර ඉන්දුනීසියාව, මැලේසියාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ වියට්නාමයත් ඒ අතරට අයත්ය.