මියන්මාරයේ ප්‍රබල භූ කම්පනයක්

මියන්මාරයේ ප්‍රබල භූ කම්පනයක්

මියන්මාරය ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අද උදෑසන 11.50ට පමණ මෙම භූ කම්පනය සිදුව ඇති අතර එය මැග්නිටියුඩ් ඒකක 7.7 ක ප්‍රබලත්වයකින් යුතු බවටයි, වාර්තා වන්නේ.

භූ කම්පනය සගායින්ග් නගරයේ කිලෝමීටර් 16ක් පමණ පොළොව අභ්‍යන්තරයේ සිදුව තිබේ.

එහි බලපෑම තායිලන්තයේ බැංකොක් අගනුවර දක්වා දැඩිව බලපා ඇති බවත් විදෙස් වාර්තාවල දැක්වේ.

මුල් භූමිකම්පාවෙන් මිනිත්තු 12 කට පමණ පසු, රිච්ටර් මාපක 6.4 ක තවත් පසු කම්පනයක් සිදුව තිබෙනවා බවද සදහන්.

ඉන් දේපල හෝ ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.