මිය­න්මාර් සන්නද්ධ කණ්ඩා­ය­මක් ග්‍රහ­ණයේ සිටි තවත් ලාංකිකයින් 20ක් දිවයිනට

මිය­න්මාර් සන්නද්ධ කණ්ඩා­ය­මක් ග්‍රහ­ණයේ සිටි තවත් ලාංකිකයින් 20ක් දිවයිනට

මිය­න්මාර් සන්නද්ධ කණ්ඩා­ය­මක් ග්‍රහ­ණයේ සිටින ශ්‍රී ලාංකි­ක තරුණ තරුණියන් අතරින් 20 දෙනෙකු ඊයේ (05) දිවයිනට පැමිණියේය.

මීට දින කිහිපයකට පෙර ඔවුන් මුදවා ගෙන ඇති අතර ජාත්‍යන්තර සරණාගතයින් පිළිබඳ සංවිධානයේ අනුග්‍රහය යටතේ ඔවුන් තායිලන්තයේ බැංකොක් සිට මෙරටට රැගෙන විත් තිබේ.

ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 50 කට වැඩි පිරිසක් මියන්මාරයේ සන්නද්ධ කණ්ඩායමක් ග්‍රහණයේ චීන අපරාධ කණ්ඩායම් විසින් විවිධ පරිගණක අපරාධ සඳහා යොදවා ගෙන සිටී.

මීට පෙර ඉන් 8 දෙනෙකු මුදවා ගැනුණි.

තවත් 33 දෙනෙකු මියන්මාරයේ මියාවඩි නගරයේ සිට කිලෝමීටර 26 ක දුරකින් එම අපරාධ කල්ලි ග්‍රහණයේ රැඳී සිටී.