ශ්‍රි පාද වන්දනාවේ පැමිණි 80 හැවිරිදි කාන්තාවක් අතුරුදහන්

ශ්‍රි පාද වන්දනාවේ පැමිණි 80 හැවිරිදි කාන්තාවක් අතුරුදහන්

හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණි 80 හැවිරිදි කාන්තාවක් අතුරුදහන් වි ඇති බවට එම කාන්තාවගේ ඥාතින් විසින් මැල්සිරිපුර පොලිසියට පැමිණිලි කර ඇති අතර , එම පැමිණිල්ලේ පිටපතක් නල්ලතන්නිය පොලිසිය වෙත යොමු කර තිබේ.

මැල්සිරිපුර මඩහපොල කන්ද ප්‍රදේශයේ සිට ඉකුත් (23) දින 53 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රි පාද නඩයක් හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණ ඇති අතර, එම නඩය සමග අතුරුදහන් වි ඇති කාන්තාව ඉදිකටුපහණ දක්වා ගමන් කර ඇති බවත්, ඉන් අනතුරුව එම කාන්තාව අතුරුදහන් වි ඇති බවයි පවුලේ ඥාතින් පොලිසිය වෙත කර ඇති පැමිණිල්ලේ සටහන් කර ඇත්තේ.

එදින ශ්‍රි පාද වන්දාවේ විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණ සිටි නිසා ඉදිකටුපහණ ප්‍රදේශයේදි ශ්‍රි පාද උඩ මළුව කරුණා කිරිමට දැඩි තද බදයක් තිබී ඇති අතර එහිදි එම කාන්තාව අතුරුදහන් වි ඇති බවයි පවුලේ ඥාතින් කියා සිටින්නේ.

එම කාන්තාව පිලිබදව තොරතුරු වෙතොත් 076-5484222 / 076-8933096 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙස පවුලේ ඥාතින් ඉල්ලා සිටියි.

අප මේ සම්බන්ධයෙන් නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.ඒ.පි.එස්.විරසේකර මහතාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් මැල්සිරිපුර පොලිසියෙන් අප පොලිස් ස්ථානය වෙත දැනුම් දි ඇති බවත්, ඒ පිලිබදව නල්ලතන්නියේ සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා සහ ශ්‍රි පාද උඩ මළුව සිට රත්නපුර මාර්ගයේ පිහිටා ඇති සියළුම පොලිස් මුරපොලවල් වෙත දැනුම් දි ඇති බවයි.

අතුරුදහන් වු කාන්තාව පිලිබදව මෙතෙක් කිසිදු තොරතුරක් ලැබි නොමැති බවද පොලිස් ස්ථානාධිපතිවරයා පැවසිය.

 

Share This