හෝටලයෙන් අතුරුදන් වූ ඊශ්‍රායල තරුණිය සොයාගත් තැන

හෝටලයෙන් අතුරුදන් වූ ඊශ්‍රායල තරුණිය සොයාගත් තැන

පසුගිය 26 වන දින සිට අතුරුදහන්ව සිටි ඊශ්‍රායල ජාතික තරුණියක් වන Tamar Amitai ශ්‍රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

මෙම අතුරුදහන්වීම මෙරට මෙන්ම ජාත්‍යන්තර මාධ්‍යවලද දැඩි අවධානයකට ලක්ව තිබුණි.

එම තරුණිය සංචාරයක් සඳහා පසුගිය 22 දින මෙරටට පැමිණ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන්ගෙන සිට ඇති අතර පසුගිය 26 වන දින හෝටලයෙන් පිටත්ව ගොස් නැවත නොපැමිණීම නිසා හෝටල් හිමිකරු විසින් 29 දින උප්පුවේලි පොලිසීයට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව මෙම මෙහෙයුම ආරම්භ කර ඇත.

එම තරුණිය නිලාවේලි ප්‍රදේශයේ කඳුබෑවුමකදී ලිස්සා යාමකට ලක්ව සිරවී සිටියදී සොයා ගැනීමට සෝදිසි මෙහෙයුමේදී හැකි වී ඇත.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් තවමත් තරුණියගෙන් ප්‍රකාශයක් ලබාගෙන නොමැති අතර සීරීම් සහ සුළු තුවාල වී සිටි ඇය මේවන විට ත්‍රිකුණාමලය මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.

Share This