ඉන්ධන නෞකාවක් පෙරළී ලාංකිකයන් 3ක් ඇතුළු 16ක් අතුරුදන්

ඉන්ධන නෞකාවක් පෙරළී ලාංකිකයන් 3ක් ඇතුළු 16ක් අතුරුදන්

කොමොරෝස් දුපත් ධජය යටතේ ඕමාන් වෙරළට ඔබ්බෙන් යාත්‍රා කළ ඉන්ධන ප්‍රවාහන නෞකාවක් ඊයේ දින (16) අනතුරට ලක්ව තිබෙනවා.

ඉන් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් ඇතුළු 16 දෙනෙකුගෙන් යුත් මුළු කාර්ය මණ්ඩලයම අතුරුදන් වූ බව සුල්තාන් රාජ්‍යයේ සමුද්‍රීය ආරක්ෂක මධ්‍යස්ථානය නිවේදනය කර තිබෙනවා.

අතුරුදන් වූ අනෙකුත් 13 දෙනා ඉන්දීය ජාතිකයින් බවයි පැවසෙන්නේ.

‘ප්‍රෙස්ටීජ් ෆැල්කන්’ නම් අනතුරට පත් මෙම නෞකාව මීටර් 117ක දිගින් යුත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක් බව ඕමාන බලධාරීන් පවසා සිටිනවා.

එම නෞකාව යේමනයේ ඒඩන් වරාය වෙත යාත්‍රා කරමින් තිබූ බව පැවසෙනවා.