16 හැවිරිදි දැරියක් අතුරුදන්

16 හැවිරිදි දැරියක් අතුරුදන්

පසුගිය දෙසැම්බර් 06 වනදා සිට තම මිණිබිරිය අතුරුදන් වී ඇති බවට ඇයගේ මිත්තණිය විසින් කන්දෙනුවර පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලකට අනුව කන්දෙනුවර පොලිස් ස්ථානය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ, වයස අවුරුදු 16ක් වන ඉඩම්ගෙදර තරුෂි චම්පිකා නැමැති සිසුවියක්.

එම දැරිය අංක 85, කන්දෙනුවර, අල්වත්ත ලිපිනයේ පදිංචිව සිට ඇති බව පොලීසිය පවසයි.

අතුරුදන් වූ දැරිය කොණ්ඩය දිගට වවා ඇති උස අඩි 05ක් පමණ තලෙළු කෙට්ටු සිරුර සහිත අයෙකි.

ඇය අවසන් වරට ක්‍රීම් පාට කොට කලිසමක් හා කලු පැහැති මල් සහිත සුදු පැහැ ටීෂර්ටයක් හැඳ සිට ඇති බව පොලීසිය පවසයි.

මෙම දැරිය සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

  1. ස්ථානාධිපති කන්දෙනුවර – 071-8592943
  2. පොලිස් ස්ථානය කන්දෙනුවර – 066-3060954