ලෝක විවාහක රූ රැජින තරඟාවලියේ දෙවැනි තැන දිනූ ඉෂාදි අමන්දා දිවයිනට

ලෝක විවාහක රූ රැජින තරඟාවලියේ දෙවැනි තැන දිනූ ඉෂාදි අමන්දා දිවයිනට

අමෙරිකාවේ ලාස්වේගාස් නුවර පැවති 40 වැනි ලෝක විවාහක රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වී එහි දෙවන ස්ථානය දිනාගත් ඉෂාදි අමන්දා අද (04) අලුයම දිවයිනට පැමිණ තිබේ.

ඇය අද අලුයම 1.55ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර් – 658 දරන ගුවන් යානයෙන් දිවයිනට පැමිණි බවයි, අප ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ.

ඇයව පිළිගැනීම සදහා ”සිල්ක් රූට්” පර්යන්තයේ දී ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් විශේෂ පිළිගැනීමේ උත්සවයක්ද සංවිධානය කර තිබූ බවයි, වාර්තා වුණේ.

එම අවස්ථාවට ලෝක විවාහක රූ රැජින තරගාවලියේ ශ්‍රී ලංකාවේ ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු රුක්මාල් සේනානායක ඇතුළු මෙම ක්ෂේත්‍රයේ විශාල පිරිසක් එක්ව සිටියහ.

ලෝකයේ රටවල් 40ක විවාහක රූ රැජිණියන්ගේ සහභාගීත්වයෙන් ලෝක විවාහක රූ රැජිණ තරගාවලි පසුගිය 30 වනදා ලාස්වේගාස් හිදී පැවැත්වුණි.

එහිදී 40 වැනි ලෝක විවාහක රූ රැජිණ ලෙස කිරුළු පැළඳීමට දකුණු අප්‍රිකාවේ ට්‍රිෂිගෝ හලාරි සමත් වූ අතර දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාව නියෝජනය කළ ඉෂාදි අමන්දාට හිමිවිය.