මිනුවන්‌ගොඩ වෙඩිතැබීමකින් දෙදෙනෙකුට තුවාල

මිනුවන්‌ගොඩ වෙඩිතැබීමකින් දෙදෙනෙකුට තුවාල

මිනුවන්ගොඩ,බොරගොඩවත්ත ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් දෙදෙනකු තුවාල ලබා ඇති බව ගම්පහ මූලස්ථාන පොලීසිය පවසයි.

ඊයේ (17) රාත්‍රී මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි දෙදෙනෙකුට එලෙස වෙඩිතබා ඇති බවයි, පොලීසිය සඳහන් කළේ.

වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ 33 හැවිරිදි සහ 43 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.

වෙඩි තැබීම සඳහා ටි. 56 ගිනි අවියක් භාවිත කර ඇතැයි පොලීිසිය පවසයි.

ඔවුන් දෙදෙනා පොලිස් ආරක්ෂාව යටතේ ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි ප්‍රතිකාර ලබන බව පොලීසිය පවසයි.