මිල්ටන් සුළි කුණාටුවෙන් ෆ්ලොරීඩාවට දැඩි බලපෑම්

මිල්ටන් සුළි කුණාටුවෙන් ෆ්ලොරීඩාවට දැඩි බලපෑම්

මිල්ටන් සුළි කුණාටුව ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයට කඩා වැදී තිබෙනවා.

මේ වන විටත් එම ප්‍රාන්තයේ නගර රැසකට තද සුළං සහ වැසි පවතින බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

කුණාටුව අඩි 15ක් තරම් ඉහළට ළඟා විය හැකි අතර බටහිර ෆ්ලොරිඩා වෙරළ තීරය ප්‍රදේශයේ ජනතාවට උපදෙස් මාලාවක් ක්‍රියාත්මකලබා දී තිබේ.

මිල්ටන් කුණාටුව අත්ලාන්තික් සාගරය දෙසට පිටවන විට ෆ්ලොරිඩාවේ නැගෙනහිර වෙරළ තීරයේ කුණාටු රැල්ල අඩි 5 ක් දක්වා ළඟා විය හැකි බවයි පැවසෙන්නේ.

සුළි කුණාටුවේ පෙර සූදාමකින් සිටි ෆ්ලොරීඩා බලධාරීන් දහස් සංඛ්‍යාත ජනතාවට නිවාසවලින් ඉවත් කර ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබුණා.