කිරිපිටි මිල ගැන අලුත්ම ආරංචිය

කිරිපිටි මිල ගැන අලුත්ම ආරංචිය

ඉදිරි දින කිහිපය ඇතුළත කිරිපිටි මිල අඩු කිරීම සඳහා කිරිපිටි ආනයනකරුවන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු කරන බව වෙළෙඳ වාණිජ සුරක්‍ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ අනුව, කිරිපිටි සඳහා යම් මිල අඩු කිරීමක් සිදු කළ හැකි වෙතැයි තමන් බලාපොරොත්තු වන බවයි, මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා පැවසුවේ.

මිල ගණනය කිරීම් සිදු කිරීමට මේ වන විට පාරිභෝගික අධිකාරියට උපදෙස් ලබා දී ඇති බවත්, පාරිභෝගිකයාට අවශ්‍ය සහන ලබා දීම සඳහා අනයනයකරුවන් සමඟ සාකච්ඡා කරන බවත් ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේය.