
මිද්දෙණියේ ත්‍රිත්ව ඝාතනයට වීරකැටිය පොලිසියේ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට
ඉකුත් පෙබරවාරි මස 18 වනදා මිද්දෙනියේ දී වෙඩි තබා ත්‍රිත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන් වීරකැටිය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ජුලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙකි.
එම සැකකරු වීරකැටිය පොලිස් වසමේදී මිද්දෙණිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (03) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරු විසින් වෙඩිතැබීම සිදුකළ සැකකරුවන්ට ටී-56 ජීව පතොරම් 12ක් ලබා දී ඇති බවට දැනට සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇති පොලීසිය පවසයි.
මෙම වෙඩිතැබීමෙන් අරුණ විදානගමගේ හා ඔහුගේ දරුවන් දෙදෙනා ජීවිතක්ෂයට පත්විය.
අත් අඩංගුවට පත් පොලිස් කොස්තාපල්වරයා අද (04) දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 48ක් රැදවුම් නියෝගයක් ඉල්ලීමට නියමිතයි.
ඒ අනුව, මෙම අපරාධයට අදාළව මේ දක්වා සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මිද්දෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.