දර්ශනීය උල්කාපාත වැස්සක් අද සහ හෙට

දර්ශනීය උල්කාපාත වැස්සක් අද සහ හෙට

මෙම වසරට පෙනෙන දර්ශනීයම උල්කාපාත වර්ෂා වලින් එකක් ලෙස සැලකෙන ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව අද (13) සහ හෙට (14) රාත්‍රියේ දැකගැනීමට හැකියාව පවතින බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව අද රාත්‍රියේ දී පැයකට උල්කාපාත 150ක ප්‍රමාණයක් කඩා හැලෙන බවත්, එය සෑම වසරක් පාසා ම දිස්වන්නක් බවත් වාර්තා වේ.

මෙම උල්කාපාත කඩා හැලීමේ උපරිමය හෙට අලුයම දිස්වන බවත් වාර්තා වනවා.

නැගෙනහිර දිශාවෙන් මෙය ආරම්භ වනු ඇති.

පූර්ව චන්ද්‍රයා මේ දිනවල දිස්වන හෙයින් අලුයම 03 සිට බටහිර අහස නිරීක්ෂණය කිරීමෙන් උල්කාපාත වර්ෂාව නැරඹිය හැකි වනවා.

එබැවින් සිය දරුවන් ද කැටුව මෙය නරඹන ලෙසත් ශ්‍රී ලංකා අභ්‍යවකාශ මධ්‍යස්ථානය මහජනතාවගෙන් සහ අභ්‍යවකාශ විද්‍යාවට කැමැත්තක් දක්වන පිරිසගෙන් ඉල්ලා සිටිනවා.