වසරේ පළමු උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ

වසරේ පළමු උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ

2025 වසරේ පළමු ප්‍රධාන උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ දී දැකගත හැකි බව අභ්‍යවකාශ විද්‍යා හා ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසනවා.

මෙම උල්කාපාත වර්ෂාව සක්‍රීයව පවතින්නේ දෙසැම්බර් 28 සිට ජනවාරි 12 දක්වා අතර කාලයේදීයි.

එය උපරිම අවස්ථාවට පත්වන්නේ අද දිනයේදීයි.

අලුයම පහට පමණ ඊසාන දින අහසේ මෙම උල්කාපාත වර්ෂාව හොඳින් දැකගත හැකි බවයි ඒ මහතා කියා සිටියේ.