වඩිවෙල් සුරේෂ් ට සහ සාහීර් මව්ලානා ට අමාත්‍ය තනතුරු

වඩිවෙල් සුරේෂ් ට සහ සාහීර් මව්ලානා ට අමාත්‍ය තනතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වඩිවෙල් සුරේෂ් මහතාට සහ අලි සාහීර් මව්ලානා මහතාට අමාත්‍ය ධුර පිරිනමා තිබේ.

ඒ අනුව, සමගි ජන බලවේග මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා කම්කරු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී අලි සාහීර් මව්ලානා මහතා කැබිනට් නොවන සංවර්ධන ව්‍යාපෘති අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේය.

මව්ලානා මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කරයි.

වඩිවෙල් සුරේෂ් මහතා බදුල්ල දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසියේය.

2020 මහ මැතිවරණයේ දී බදුල්ල දිස්ත්‍රික්කය සඳහා සමගි ජන බලවේගය වෙනුවෙන් වැඩිම මනාප හිමිකරගත්තේ ඔහුය.