
මර්වින් සිල්වා අත්අඩංගුවට
හිටපු අමාත්‍යවරයෙකු වන මර්වින් සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පැලවත්ත, බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර මේ වනවිට ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගොස් ඇත.
කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩම් ව්‍යාජ ඔප්පු සකස්කර පෞද්ගලික අංශයට විකුණූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ලැබී තිබූ පැමිණිල්ලකට අනුව සිදු කරන ලද විමර්ශනවලින් පසු හිටපු අමාත්‍යවරයා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
එම සිද්ධියට සම්බන්ධ බව කියන තවත් පුද්ගලයන් කීපදෙනෙකු ද අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරයි.
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා මහජන සම්බන්ධතා අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි කාලවකවානුවේ රජයට අයත් එම ඉඩම් පෞද්ගලික අංශයට ව්‍යාජ ඔප්පු සකසා විකුණා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.