මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක් අද

මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක් අද

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසම අද (28) රැස්වීමට නියමිතයි.

එහිදී පාර්ලිමේන්තු මැතිවරණය සඳහා යන පිරිවැය පිළිබඳ අවසන් එකඟතාවයකට එළඹිමට නියමිත බවද සඳහන්.

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා රුපියල් බිලියන 11ක් වැයවනු ඇති බවටයි ගණන් බලා තිබෙන්නේ.

මුදල් අමාත්‍යාංශය හරහා එම මුදල් ලබා ගැනීිම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබෙනවා.

මේ අතර සියලුම දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් අද (28) දිනයේ මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා.