විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද
නව කතානායකවරයා පත් කිරීම සහ ඉදිරි පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (16) පස්වරු 1.00ට පැවැත්වේ.
නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත්වීමට නියමිතය.
නව කතානායකවරයා ලෙස නිහාල් ගලප්පත්ති, ලක්ෂ්මන් නිපුණාරච්චි යන මහත්වරුන්ගේ නම් යෝජනා වී ඇති බව ද වාර්තා විය.
ඒ පිළිබඳව අවසන් තීරණයක් ගැනීම වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම රැස්වීමට නියමිතය.
මේ අතර පාර්ලිමේන්තුව හෙට (17) සහ අනිද්දා (18) රැස්වීමට නියමිතය.
පාර්ලිමේන්තුවේ හෙට පළමු කටයුත්ත ලෙස සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් සිවුදෙනා දිවුරුම් දීම කෙරෙනු ඇත. කතානායකවරයා පත්කර ගැනීම සිදු කෙරෙන්නේ ඉන් පසුව බව දැනගන්නට ඇත.
නියෝජ්‍ය කතානායකවරයා මුලසුනට පැමිණීමෙන් කථානායකවරයා පත්කර ගැනීම සිදුකෙරේ.
කතානායක ධූරය සඳහා ආණ්ඩු පක්ෂයෙන් මෙන්ම විපක්ෂයෙන්ද නාමයෝජනා ඉදිරිපත් කෙරෙන බව වාර්තා වෙයි.